Filed Under (Uncategorized) by sathyajith on 12-03-2010
අපි යන ගමන කොතරම් වේගවත් වුණත් ඔවුන් අපි දිහා බලා ඉන්නවා.මේ කාලෝ ඩියුරෝ මගේ මුල්ම මෝස්තර නිර්මාණ හා නිෂ්පාදන ගුරුවරු අතර කෙනෙක්.ඔහු ඉතාලි ජාතිකයෙක් වුණත් ලාංකික අපව හොඳින් තේරුම් ගත්තා.

සිසිර සර්…ඔහු මගේ ගුරුවරයෙක් ලෙස මුලින්ම හමුවුණා.පසුව අපි එකම ස්ටාෆ් එකක සේවය කලා.සැමදාම ඔහු ලඟ අපට දෙන්න අළුත් දැනුමක් තියෙනව.
මේ ෂීලා ස්පීට් …ඇය ඉංග්‍රීසි ජාතික කාන්තාවක් වුණත් අපට මව් ගුණයෙන් උගැන්වූ බව මට මතකයි.ඔය දකුණු කෙළවරේම ඉන්නෙ මම.!

පහසුවෙන් පින්තූර සොයාගන්න හැකිවූ අය වගෙම පින්තූර සොයාගෙන පළ කලයුතු තව ගුරුවරු ඉන්නවා.හැකි අයුරින් ඒව සොයන්න මම උත්සාහ කරනව.
Filed Under (සංචාර) by sathyajith on 12-03-2010
කොරියාව ශීඝ්‍ර ලෙස ආර්ථික දියුණුව ලද රටක්.වීරියෙන් බාධක ජය ගන්නට කැපවුණු එරට සිසුන් සමඟ ගත කිරීමට ලද අවස්ථාවක්…………

Filed Under (Uncategorized, සිතුවිලි) by sathyajith on 12-03-2010
Filed Under (තාක්ෂණය) by sathyajith on 11-03-2010
සඳුදා සිට නැවතත් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට…මෙය මෑතකදී ඇරඹුණු අළුත්ම විශ්ව විද්‍යාලයයි.
සම්ප්‍රදායික විශ්ව විද්‍යාල පාඨමාලාවලින් බැහැරව වෘත්තීය අංශයේ විෂයයන් සමඟ ඉගෙනුම ලබන වෘත්තිකයන් තමයි මෙහි අධ්‍යාපනය ලබන්නෙ.
තම රැකියාවෙන් අධ්‍යයන නිවාඩු ලබා වැඩි දුර ඉගෙනුමට ආ මොවුන් වෘත්තීය නිපුණයන් කීවොත් හරි.දැනට මෙහි සිටින හැම දෙනාම පාහේ ස්ථිර රැකියාවක නිරත එමෙන්ම රැකියා කොන්දේසි මඟින් නැවත තම සේවා ස්ථානයට වාර්තා කළ යුතු අයයි.
මෙය ශ්‍රි ලංකාවට අලුත් අත්දැකීමක් වුණත් බොහො රටවල මෙවැනි විශ්ව විද්‍යාල මඟින් තමා කර්මාන්ත නඟා සිටුවීමට අවශ්‍ය පදනම ලබා ගන්නෙ.


උදෙන්ම එහිදී ගත් සේයා රුවයි මේ…


Filed Under (තාක්ෂණය) by sathyajith on 10-03-2010
මරදාන කාර්මික විද්‍යාලය තමා අපේ රටේ පළමු විද්‍යා අංශයෙ අධ්‍යාපන ආයතනය.ලංකාවෙ විශ්ව විද්‍යාල කිහිපයක්ම ඇරඹුනේ මේ ආයතනයෙන්..රජයේ නව වැඩ පිලිවෙල යටතේ ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලය ඇරඹී ඇත්තෙත් එහිමයි.මේ එහි ස්වර්ණාභරණ සැලසුම් නිර්මාණ හා නිෂ්පාදන ඩිප්ලොමා පාඨමාලාවෙ සිසු සිසුවියන්..


Filed Under (සිතුවිලි) by sathyajith on 10-03-2010
කඩදාසි ඔරු හැදීම ළමා කාලයේ කාගෙත් ආශාවක්නෙ . ඉතින් අපේ බබත් ඔරු හදන්න පුරුදු වෙනව.වැස්සක් කවදා එයිද? ඒත් බේසමකට වතුර පුරවල අපි ඔරු යැව්වා.කපුරු පෙත්තක් පසුපස එල්ලල පත්තු කලොත් ඔරුව නිකම්ම ඉදිරියට යනවා.හැබැයි තනියෙම ලමයින්ට පත්තු කරන්න දෙන්නෙ බලාගෙන..



Filed Under (Uncategorized) by sathyajith on 03-03-2010
අද සිංහල බ්ලොග්කරුවෙක් අහම්බෙන් හමුවුණා.අපි එක්වුනේ ආර්ථික කටයුත්තකට වුණත් ,අපේ බ්ලොග් බැඳියාව නිසා වැඩියෙන් කතාකලේ බ්ලොග් ගැනමයි.ඔන්න කාටත් මතක් කරන්නෙ පොඩි දේවලට රිදෙන්න නොගහ ලස්සණට කොමෙන්ට්ස් දාල මේ අපේකම රැකගමු. බුද්ධික ඔබට ජය!!!!

Filed Under (සිතුවිලි) by sathyajith on 27-02-2010
කරපිංචා මල්….කොල…..කැඳ කොලෙස්ටරෝල් ….හරිම සංවේදී මාර්තෘකා…
ඉතින් මේ තියෙන්නෙ කරපිංචා මල්..ලස්සණද ?
රෝස මලක නැති අමුත්තක්
ඇන්තූරියමක නැති
හිතවත් කමක්
ඔය කරපිංචාවල තියෙනව කියලයි මට හිතෙන්නෙ,
ඒකයි
මෙවැනි තැනක
ඇය තබන්නෙ.

Filed Under (Uncategorized) by sathyajith on 27-02-2010
Filed Under (තාක්ෂණය) by sathyajith on 27-02-2010
ලංකාව ප්‍රසිද්ධව තිබුනෙ රත්නද්වීපය ලෙසයි,ඒ අනඟි මැණික් නිසා.මේ තියෙන්නෙ මෑතකදි ලංකාවෙන් ලැබුණු විශාලතම නිල් මැණික කැපීමට පෙර.මා සමඟ ඉන්නෙ ලංකාවෙ දැනට ඉන්න ප්‍රවීණතම මැණික් කැපුම් හා මැණික් කැපුම් යන්ත්‍ර නිෂ්පාදකයා වන පාලිත අපොන්සු මහතායි.
මැණික් විද්‍යාව මා උගත් ,ඇසුරු කළ ප්‍රිය කළ විෂයයකි.ඔබත් ඊට කැමතිද?
Here a big uncut blue Sapphire found in Sri Lanka recently.
(Mr.Palitha Aponsu with me)
